Saturday, July 20, 2013

නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙදෙරට ගෙන්න ගමු.

ඉලෙක්ට්‍රොනික් කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා අද කියන්න යන්නේ. ඔයාලට පරිපථයක් හදද්දී ඕනේ වෙන IC, ට්‍රාන්ස්සිටර් ,led ,switch වගේ ගොඩක් දේවල් කිසිම ගාස්තුවක් වැයකරන්නේ නෙතුවම ගෙන්න ගන්න විදියක් තියනවා.ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ. සමහර විට සමහර කම්පැනි ලංකාවට ෂිප් කරන්නේ නම් නැ.

Saturday, July 13, 2013

90% විදුලිය ඉතිරි කරගමු.

අද කලේ විදුලිය ඉහල වටිනාකමකින් යුතු වන නිසා සැම විටම විදුලිය අවම වශයෙන් වැය වන විදුලි උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත්වෙනවා. ඒ හින්දම තමා විදුලි බල්බ වලිනුත් LED විදුලි භාවිතය කරලියට ඇවිත් තියෙන්නේ.TV එකේ එහෙම සමහර ads දානවා මේ වගේ LED බල්බ තියනවා කියලා.ඒ උනාට ඒවගේ මිල ගණන් නම් සාමානයෙන් 5W එකක් රුපියල් 1900 විතර වෙනවා.මේවගේ ගනක්වෙන හින්ද ගොඩක් අය මේවා භාවිතා කරනවා අඩුය්. අද අපි කියන්න යන්නේ ඒවගේ බල්බ් එකක් රුපියල් 500 විතරවියදමකින් හදාගන්න විදියක් තමා.
ඉස්සරලම මේක හදන්න ඕනේ කරන කෑලි ටික ගැන බලමු.

මේ තියන ඔක්කොම කෑලි ටික ගන්න පුළුවන් පිටකොටුවේ පළමු වැනි හරස් විදියේ කඩවලින් ලේසියෙන්ම ගන්න පුළුවන්.දැන් තියෙන්නේ මේ කෑලි ටික නිවැරදිව සෙට් කරන තමා.
දැන් බලමු මේ කොටස් ගෙන විස්තර කරලා. මේ පහත පින්තුරේ තියෙන්නේ බල්බ් එකේ power supply ඒකකය.මේක ඉතාම කුඩා කොටසක් වෙනවා. මේකේ තියන සුදු වයර් 2 ac current ඒක දෙන්න තියෙන්නේ.අනිත් වයර් 2ක dc out ඒක. එදෙකෙන් රෝස පාට ඒක ධන වයර් ඒක අනික ඍන වයර් එක.