Wednesday, September 4, 2013

CCTV කැමරා පද්ධතියක් සවිකරමු.


 CCTV කැමරා කියන්නේ අද කලේ ලංකාවේ ගොඩක් තැන් වල භාවිත කරන දෙයක්. එඋනාට මේ පද්දතියක් සවිකර ගැනීමට විශාල වියදමක් යනවා.එඋනට අපිටම උනත් මේකක් සවිකරගේනිම අපිටම කරගන්න පුලුවන්නම් වියදෙමෙන් භාගයක් වත් ඉතුරු කරගන්න පුළුවන්.මේක කරන්න සාමාන්‍ය දැනුමක් සහිත සැම අයෙකුටම කරගන්න පුළුවන්.ඕනෙමනම් මේක ස්වයං රැකියාවක් විදියට උනත් කරන්න පුළුවන්. එහෙම කරන අයත් සදහා මේ පාඩම මාලාව බොහොම වැදගත් වෙනවා.

අපි බලමු මේ පද්ධතියක් සවිකරගේනිමට අවශ්‍ය මුලික දේවල් මොනවද කියල බලමු.
පලමුවෙන්නම් මේ CCTV කැමරා ගැන පොඩ්ඩක් විස්තර කරමු. CCTV කැමරාවක් යනු සාමාන්‍ය කමරවක්ම තමා වෙනසකට තියෙන්නේ මේකෙන් වීඩියෝ කරන දේවල් වෙනම උපන්ගේකට යොමු කරලා රෙකෝඩ් කිරීමට සිදුවෙනවා..මේ කැමරා වල විවිද වර්ග තියනවා ඒ කියන්නේ මුලිකවම indoor සහ outdoor කියලා වර්ග 2ක් තියනවා. outdoor වර්ගයේ කැමරා අව්වට වැස්සට හොදින් ඔර්රෝතු දෙන විදියට තමා නිපදවලා තියෙන්නේ. මේ කොටස් දෙකේත් Night Vision කියල තවත් වර්ගයක් තියනවා ඒක අධික අදුරේ පවා ඉතා පැහැදිලිව පේනවා.

Indoor Night-vision
Outdoor Night-vision
Indoor

Saturday, July 20, 2013

නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගෙදෙරට ගෙන්න ගමු.

ඉලෙක්ට්‍රොනික් කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා අද කියන්න යන්නේ. ඔයාලට පරිපථයක් හදද්දී ඕනේ වෙන IC, ට්‍රාන්ස්සිටර් ,led ,switch වගේ ගොඩක් දේවල් කිසිම ගාස්තුවක් වැයකරන්නේ නෙතුවම ගෙන්න ගන්න විදියක් තියනවා.ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ. සමහර විට සමහර කම්පැනි ලංකාවට ෂිප් කරන්නේ නම් නැ.

Saturday, July 13, 2013

90% විදුලිය ඉතිරි කරගමු.

අද කලේ විදුලිය ඉහල වටිනාකමකින් යුතු වන නිසා සැම විටම විදුලිය අවම වශයෙන් වැය වන විදුලි උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත්වෙනවා. ඒ හින්දම තමා විදුලි බල්බ වලිනුත් LED විදුලි භාවිතය කරලියට ඇවිත් තියෙන්නේ.TV එකේ එහෙම සමහර ads දානවා මේ වගේ LED බල්බ තියනවා කියලා.ඒ උනාට ඒවගේ මිල ගණන් නම් සාමානයෙන් 5W එකක් රුපියල් 1900 විතර වෙනවා.මේවගේ ගනක්වෙන හින්ද ගොඩක් අය මේවා භාවිතා කරනවා අඩුය්. අද අපි කියන්න යන්නේ ඒවගේ බල්බ් එකක් රුපියල් 500 විතරවියදමකින් හදාගන්න විදියක් තමා.
ඉස්සරලම මේක හදන්න ඕනේ කරන කෑලි ටික ගැන බලමු.

මේ තියන ඔක්කොම කෑලි ටික ගන්න පුළුවන් පිටකොටුවේ පළමු වැනි හරස් විදියේ කඩවලින් ලේසියෙන්ම ගන්න පුළුවන්.දැන් තියෙන්නේ මේ කෑලි ටික නිවැරදිව සෙට් කරන තමා.
දැන් බලමු මේ කොටස් ගෙන විස්තර කරලා. මේ පහත පින්තුරේ තියෙන්නේ බල්බ් එකේ power supply ඒකකය.මේක ඉතාම කුඩා කොටසක් වෙනවා. මේකේ තියන සුදු වයර් 2 ac current ඒක දෙන්න තියෙන්නේ.අනිත් වයර් 2ක dc out ඒක. එදෙකෙන් රෝස පාට ඒක ධන වයර් ඒක අනික ඍන වයර් එක.

Sunday, June 23, 2013

Virtual DJ වලින් DJ කරන්න පටන්ගමු.(1)

මේකාලේ DJ සංගීතය කියන දෙය නොදන්නා කෙනෙක් නැති තරම්.මොකද මේවා කරන අය ගොඩක් ලංකවේ ඉන්නවා.නමුත් එහෙම කරන අය DJ කරන්න console එකක් භාවිත කරනවා.ඒක ටිකක් ගණන් හින්ද ගොඩක් අයට කරන්න අපහසු වෙනවා.එකට තියන හොදම විසදුම තමා සොෆ්ට්වෙයා එකක් භාවිත කරන ඒක මේකට ගොඩක් සොෆ්ට්වෙයා තියනවා.අද අපි කියන්න යන්නේ atomix production හදන Virtual DJ කියන සොෆ්ට්වෙයා ඒක යොදාගෙන හොදට DJ කරන්න. මේ සොෆ්ට්වෙයා එකේ අලුත්ම සංස්කරණය වන pro 7 වලින් තමා මේ පාඩම කරගෙන යන්නේ. මේක ඔයාලගාව නැත්නම් පහත ලින්ක් එකෙන් ටොරන්ට් එකක් මගින් බාගෙන ස්ථාපනය කරගන්න.
Download Now


Thursday, June 13, 2013

Wireless Charging -රැහැන් රහිතව චාර්ච් කරමු.

අද කලේ මේ Wireless Charging කියන දෙය ගොඩක් ප්‍රයෝගික වෙලා තියෙන්නේ.මොකද ස්මාර්ට් ෆෝන් ජාති කිහිපයකම මෙම ක්‍රමයට charge කරන්න පුළුවන්.Wireless Charging කීවට මේක මේ WiFi වගේ හෙනට ඈත තියලනම් කරන්න බෑ.දැනට මේ Wireless Charging තියන ෆෝන් උනත් charge කරන්නේ වෙනම gadget එකක් උඩ තියල.එකට කියන්නේ power mat එක කියල.අන්න එක උඩින් අර ස්මාර්ට් ෆෝන් එක තිබ්බහම නිකම්ම charge වෙනවා.එඋනට අර power mat එකට සාමාන්‍ය විදියට AC power එකට ගහල තියෙන්න ඕනෙ.

Sunday, June 9, 2013

Weekend Projects: LED නාම පුවරු සෑදීම.(1)..

අද කාලේ ගොඩක් ප්‍රසිද්ද දෙයක් තමා LED. මොකද ඒවාට විදුලිය බොහොම අඩු ප්‍රමාණයක් වැයවන නිසා. LED වලින් හදපු නාම පුවරු අද වනවිට සැම තැනකම වගේ දෙකගන්නත් පුළුවන්.බස් වල වෙළදසැල් වල උනත් මේවා තියනවා.හැබය් මේවගේ මිල ගැන අහපුවම ටිකක් බය වෙනවා.මොකද පොඩි අකුරු ගමන් කරන board එකකුත් පහළොස් දහසක් වත් අඩුම ගානේ වෙනවා.මෙය තමන්ට අමතර අදායම් මාර්ගයක් විදියට උනත් යොදාගන්න පුළුවං.

Friday, June 7, 2013

අලුත්ම Asus Transformer Book Trio ( ලැප්ටොප්=ඩෙස්ක්ටොප්=ටැබ්ලට් )

 Asus Transformer Book Trio කියන්නේ ලෝකෙ පළවෙනි දෙමුහුන් කොම්පියුටර් එකක්. හැබය් මේක ඕනනං ලැප්ටොප් එකක් විදියට හරි ඩෙස්ක්ටොප් එකක් විදියට , එහෙමත් නැතන් ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එකක්.මේක තමා වෙළදපොලට දාල නැ. මේ අව්රුද්දෙ අග market එකට එනව.