Sunday, October 18, 2015

Arduino මුලසිට සරලව


Arduino කියන වචනය අදවනවිට බොහොම ජනප්‍රිය වචනයක් වෙලා තියනවා. එකට හේතුව ගොඩක් අය පොඩි පොඩි රොබෝල හදන්න මේක පවිත්චි කරනවා.
ඉතින් මොකද මේ Arduino කියන්නේ ????


Arduino කියන්නේ ඉතාලි භාෂාවේ තියන වචනයක්. එක මුලින්ම හොයාගෙන තියෙන්නේ ඉතාලි ජාතිකයින්. ඇත්තේන්ම මේක Development Board එකක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය පොඩි පොඩි ටෙස්ටින් කරන්න හදල තියන්න පොඩි ගැජෙට් එකක්. ඉලෙක්ට්‍රොනිච්ස් පොඩ්ඩක් දන්නා අය දන්නවා ඇති Microprocessors කියල ජාතියක් ගැන. ඒ කියන්නේ අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න එහෙම නැත්නම් program කරන්න පුලුන් උපාංගයක්. ඇත්තටම Arduino වල මුලික උපාංගය වෙන්නේ මේ කියන  Microprocessor එකක්. සමහරු දන්නව ඇති PIC කියල IC වගයක් තියනවා (බුදුරැස් මලා වලට ගන්න ) එකත් ඔයකියන Microprocessor ජාතියක්. එත් PIC වගේ IC program කරන්න ටිකක් අමාරුයි.ඒ නිසා තාම එක වැඩිය ජනප්‍රිය වෙන්නේ නැත්තේ. ඒවගේම PIC program කරන්න වෙනම programming device එකක් ඔනෙවෙනවා.



Arduino කියන උපාංගයේ programming device එකත් තියනව. ඒකනිසා ගොඩක් ලේසියි. ඒවගේම Arduino programming කිරීමට වෙනමමsoftware එකකුත් තියනවා.
 Arduino නාමය යටතේ විශාල මාදිලි ප්‍රමණයක් තියනවා. පහත තියනවා ඒ වගේ කිහිපයක්..
මෙම පාඩම් මාලාවේ අරමබ්යේදී අපි use කරන්නේ Arduino UNO කියන board එක. අනික තාම මෙම Arduino board original ඒවගේ ගණන ටිකක් වැඩි නමුත් අදවනවිට coppy කරපු board ඉතාම අඩුවට ලංකාවේ තියනවා. මං ඉදිරියේදී Arduino board එකක් තමන්ටම හදාගන්න විදියත් කියන්න බලපොරෝතු වෙන්නවා.
Arduino උනො  එකක ගත්හම එකේ usb cable එකක් තියනවා computer එකට connect කරලා  programm කරන්න.
දැන් අපි බලමු මොකක්ද මේ board එකේ තියන වැදගත් උපාංග කියල.

 උඩ තියන පින්තුරෙ තියන කොටස් ටික ගැන පොඩි විස්තරයක් කරන්නම්.
USB Plug     - USB  වයර් එක connect කිරීමට

External Power supply    - මෙයට 5v - 32v අතර වල්ටියතාවක් ලබාදී අපගේ project එක                                                 run    කරන්න පුළුවන්.(පොඩි දෙයක්නම් usb එකෙන් එන                                                             power එකත් ඇති )

Reset Button           - අපි ලියපු program එක නැවත මුල සිට run කරන්න පුළුවන්.

ATmega328 Micro-controller   - මේක තාම මේකේ හදවත මේ ic එකතම අපි                                                                              ප්‍රෝග්‍රෑම්  කරන්නේ
Analog in Pin(0-5)     - අපගේ විවිද අවශ්‍යතා සදහා වන analog ඉන්පුට් මෙම පින්                                                      සදහා    ලබාදෙන්න පුළුවන්.
5V Power pin     - 5v output ගන්න පුළුවන්
3.3V Power pin   - 3.3v  output ගන්න පුළුවන්
Ground Pin    - රිණ අග්‍රය.
Digital I/O pin - 1 හෝ 0 අගයන් ලබාදීම සදහා මෙය use කරනවා.

හරි දැන් බලමු මොකක්ද කියල ප්‍රෝග්‍රෑම් කරන්න use කරන software එක. එකේ නමත් Arduino IDE මේක පහත ලින්ක් එකෙන් ෆ්‍රී බාගන්න පුළුවන්.
ඔය පින්තුරෙ තියන කොටස් ටික තාම වැදගත් වෙන්නේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න.

හරි අපි දැන් ලියමු පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. led එකක් අපිට ඕනේ time interval එකකට නිවී නිවී පත්තු වෙන්න .

එකට ඕනේ කරන පොඩි කලි ටිකක් තියනවා ඒවත් ගන්න තියනවා ලංකාවේ,

jumper වයර්

Bread board එකක්

1k රෙසිස්ටෙර්

LED light

 මේ තියන විදියට වයර් ටික අමුණන්න.
 මුලින්ම usb cable එක computer එකට connect කරන්න.

ඊට පස්සේ මේ තියන code එක copy කරලා අර software එකේ තියන ඔක්කොම delete කරල paste කරන්න.

 // the setup function runs once when you press reset or power the board
void setup() {
  // initialize digital pin 2 as an output.
  pinMode(2, OUTPUT);
}

// the loop function runs over and over again forever
void loop() {
  digitalWrite(13, HIGH);   // turn the LED on (HIGH is the voltage level)
  delay(1000);              // wait for a second
  digitalWrite(13, LOW);    // turn the LED off by making the voltage LOW
  delay(1000);              // wait for a second
}


ඊට පස්සේ කොනේ තියන හරි සලකුණ click කරලා verify කරන්න. tools වල තියන port කියන එකේ Arduino UNO COM 23 කියන එක select කරන්න. පස්සේ board කියන එකේ Arduino UNO එක select කරලා compile button එක click කරන්න.

දැන් බලාගන්න පුළුවන් තත්පර 1 වරක් led එක Blink වෙනවා.ඒ time එක   delay(1000); කියන code එකේ 1000 කියන එක වෙනස් කරලා හදාගන්න පුළුවන්. කට්ටිය try කරලා බලල මොකක් හරි අව්ලක් තිබ්බොත් comment එකක් දන්නා.


































































No comments :

Post a Comment