Monday, March 4, 2013

ගූගල් ග්ලාස් -ස්මාර්ට් කණ්නාඩිය -Google Glass

ගූගල් සමගම විසින්(Project Glass research and development project)2013  වසරේ පෙබරවාරියේ  හදුන්වාදුන් ගූගල් ග්ලාස් යනු කණ්නාඩියක් ලෙස පැළදිය හැකි ස්මාර්ට් phone එකක් කීම වරදක් නැත. මෙය ඕනෑම කණ්නාඩියක් සමග හෝ කණ්නාඩියක් නොමැතිව උවද භාවිතා කල හැකි වීම වැදගත් වේ.මෙය ඇමරිකාවේ පොක්ස්කොන් සමාගම විසින් නිපදවා ඇත.

   
 මෙය වොය්ස් කමාන්ඩ් භාවිතයෙන් ක්‍රියා කරන අතර අපට අවශ්‍ය ඔනෙම දෙයක් අන්තර්ජාලයෙන් සොයාගත හැකිය.එමෙන්ම කාලගුණ වාර්තාව, කොටස් වෙළදපල වැනි දේ ලබා ගත හැකිවේ. මෙහි ඇති 5 මෙගා පික්සල් කැමරාව මගින් 720p සහිතව  වීඩියෝ ගත කිරීමටත් හැක. මෙය android මත ක්‍රියාකාරී වේ.මෙහි 1 GB ram එකක් 16 GB flash memory පවතී.එසේම මෙහි තිරය Prism projector වර්ගයේ  640×360 pixels එකකි. එය අඩි 8 දුරින් පවතින අගල් 25 තිරයක් සේ අපට නැරබිය හැකි වේ. මෙහි wifi එක Wi-Fi 802.11b/g සහ Bluetooth පවතී. facebook,g+ සදහා කතා කිරීම මගින් පණිවිඩ යෙවීමේ පහසුවද පවතී. GPS තාක්ෂණයද මෙහි පවතී. මෙහි පරෝසිසරය Texas Instruments OMAP 4430 SoC 1.2Ghz Dual වර්ගයේ එකකි.

                       

1 comment :