Saturday, July 13, 2013

90% විදුලිය ඉතිරි කරගමු.

අද කලේ විදුලිය ඉහල වටිනාකමකින් යුතු වන නිසා සැම විටම විදුලිය අවම වශයෙන් වැය වන විදුලි උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත්වෙනවා. ඒ හින්දම තමා විදුලි බල්බ වලිනුත් LED විදුලි භාවිතය කරලියට ඇවිත් තියෙන්නේ.TV එකේ එහෙම සමහර ads දානවා මේ වගේ LED බල්බ තියනවා කියලා.ඒ උනාට ඒවගේ මිල ගණන් නම් සාමානයෙන් 5W එකක් රුපියල් 1900 විතර වෙනවා.මේවගේ ගනක්වෙන හින්ද ගොඩක් අය මේවා භාවිතා කරනවා අඩුය්. අද අපි කියන්න යන්නේ ඒවගේ බල්බ් එකක් රුපියල් 500 විතරවියදමකින් හදාගන්න විදියක් තමා.
ඉස්සරලම මේක හදන්න ඕනේ කරන කෑලි ටික ගැන බලමු.

මේ තියන ඔක්කොම කෑලි ටික ගන්න පුළුවන් පිටකොටුවේ පළමු වැනි හරස් විදියේ කඩවලින් ලේසියෙන්ම ගන්න පුළුවන්.දැන් තියෙන්නේ මේ කෑලි ටික නිවැරදිව සෙට් කරන තමා.
දැන් බලමු මේ කොටස් ගෙන විස්තර කරලා. මේ පහත පින්තුරේ තියෙන්නේ බල්බ් එකේ power supply ඒකකය.මේක ඉතාම කුඩා කොටසක් වෙනවා. මේකේ තියන සුදු වයර් 2 ac current ඒක දෙන්න තියෙන්නේ.අනිත් වයර් 2ක dc out ඒක. එදෙකෙන් රෝස පාට ඒක ධන වයර් ඒක අනික ඍන වයර් එක.




පහල තියන රූපේ පෙන්න්නුම් කෙරෙන්නේ led සවිකරවන PCB ඒක .මේකට තමා LED බල්බ පස්සන්නේ.


පහල තියෙන්නේ heat sink එක. මේකට තමා මේ බල්බ් එකේ ගණන් වැඩිම කොටස.මොකද මේක ඇලුමිනියම් වලින්තමා හදල තියෙන්නේ.



අපි බලමු ඉස්සරලම LED 5 කොහොමද board එකට සවි කරන්නේ කියලා.

බල්බ් එකේ ධන, ඍන අග්‍ර සොයාගැනීම ඉතා වැදගත් වෙනවා එකට මල්ටිමිටෙර් එකක් වගේ භාවිතා කරන්න පුළුවන්.එහෙම නැති නම් බැටරි කෑලි 2ක් මගින් කරන්ට් ඒක දීල බලන්නත් පුළුවන්.කොහොම හරි බල්බ් එකේ අග්‍ර නිවැරදිව හදුනාගැනිම වැදගත්.


 මේ විදියට PCB එකේ ඩොට් වල හොදට Compound දලා සවි කරන තරමට බල්බ් එකේ පැවැත්ම වැඩි වෙනවා.
heat sink compound කියල කඩවලින් ගන්න තියනවා.
මේ තියෙන්නේ ඒ විදියට නිවැරදිව පස්සගත්තු board එකක්.
දැන් තියෙන්නේ හෝල්ඩර් එකට සෙට් කරන කොටස පස්සගන්න.

මේක හෝල්ඩර් එකට හොදට contact වෙන්න ඊයම් ටික අතුරන්න .ඊට පස්සේ යටින් ac වයර් එකත් එකටම පස්සගන්න.




මේ කොටස් 2 super glue වගේ දෙයක් යොදාගෙන මේ 2ක එකට තියල අලවගන්න.





දැන් තියෙන්නේ මේ කොටස් 2ක අතරටත් heat sink compound හොදට දාල පොඩි ඉස්කුරුප්පු ඇන දාල හොදට හයිකරන්න.





මේ විදියට අර වයර් 2ක නිවැරදිව PCB එකට සවිකෙරුවහම වැඩේ ඉවරයි.දැන් තියෙන්නේ අර විදුරු කවරය දාල නිම කරන්න.






මේ තියෙන්නේ ඔක්කොම සවිකරලා නිම කරපු බල්බ් එකක්.ඉතිං මේවගේ එකක් හදල විකුනන්න උනත් පුළුවන්.

4 comments :

  1. මේකෙ බඩු ගන්න තැන් කොහෙද කියලාත් දැම්මා නම් පෝස්ට් එක සම්පූර්ණයි.

    ReplyDelete
  2. 5 W = Bulb ekak Rs. 690/- ganna thiyanawa, 2 years warranty samaga.

    ReplyDelete
  3. Epistar LED dapu 5W bulb eka 800/= Normal 1/2W led dapu 5W bulb eka 600/=
    Epistar LED dapu 7W bulb eka 1000/= Normal 1/2W led dapu 7W bulb eka 750/=
    Epistar LED dapu 9W bulb eka 1300/= Normal 1/2W led dapu 9W bulb eka 950/=
    Epistar LED dapu 12W bulb eka 1500/= Normal 1/2W led dapu 12W bulb eka 1200/=

    ReplyDelete