Sunday, June 23, 2013

Virtual DJ වලින් DJ කරන්න පටන්ගමු.(1)

මේකාලේ DJ සංගීතය කියන දෙය නොදන්නා කෙනෙක් නැති තරම්.මොකද මේවා කරන අය ගොඩක් ලංකවේ ඉන්නවා.නමුත් එහෙම කරන අය DJ කරන්න console එකක් භාවිත කරනවා.ඒක ටිකක් ගණන් හින්ද ගොඩක් අයට කරන්න අපහසු වෙනවා.එකට තියන හොදම විසදුම තමා සොෆ්ට්වෙයා එකක් භාවිත කරන ඒක මේකට ගොඩක් සොෆ්ට්වෙයා තියනවා.අද අපි කියන්න යන්නේ atomix production හදන Virtual DJ කියන සොෆ්ට්වෙයා ඒක යොදාගෙන හොදට DJ කරන්න. මේ සොෆ්ට්වෙයා එකේ අලුත්ම සංස්කරණය වන pro 7 වලින් තමා මේ පාඩම කරගෙන යන්නේ. මේක ඔයාලගාව නැත්නම් පහත ලින්ක් එකෙන් ටොරන්ට් එකක් මගින් බාගෙන ස්ථාපනය කරගන්න.
Download Now



මේක තමා සොෆ්ට්වෙයා එකේ load වෙන screen ඒක.
සොෆ්ට්වෙයා එකෙන් DJ කරද්දී වැදගත් වෙන්නේ PC එකේ sound ඒක.ඩෙස්ක්ටොප් පරිගණකයකනම් sound card එකේ තියනවා ප්‍රධාන sound අව්ට් එකක් සහ හෙට්ෆොනේ අව්ට් එකක් නමුත් සමහර ලැප්ටොප් වල ප්‍රධාන අව්ට් ඒක විතරක් තියනවනම් usb sound card ගහගන්නවන් ගොඩක් හොදය්.
එහෙනම් අපි පලමුවෙන්නම බලමු මේ සොෆ්ට්වෙයා එකේ අතුරු මුහුණත(interface ඒක) ගැන පොඩි  හැදින්වීමක් කරලා ඉමු.

(රූපය:1):මේක තමා Virtual DJ එකේ ප්‍රධාන වින්ඩෝව.(පේනවා මදිනම් ටිකක් ලොකු කරලා බලන්න)
    දැන් බලමු මේකේ ප්‍රධාන කොටස් ටික ගැන පොඩි හැදින්වීමක් කරලා.
මුලින්ම කියන්න ඕනේ මේක සමහර විට මිට වඩා වෙනස් වෙන්න පුළුවන් මොකද අර කහපාට කොටස් 2ක් පමණක් තියෙන්නත් පුළුවන්.මේකත් එකේම තියන තවත් ස්කින් එකක්.පහත රුපයේ විදියට කිරීමෙන් මෙම අතුරුමුහුණත ලබාගත හැකි වෙනවා.
ඔය විදියට කරලා ගන්නකො.දැන් බලමු රූපය:1 තියන කොටස් ගැන.

  • කහපාටින් කොටු කරලා තියන ඒවාට කියන්නේ Deck කියල ඕවට තමා අවශ්‍ය සිංදු load කරලා play කරන්නේ.
  • ඒවා අතර තියන නිල්පාට කොටුවේ තියෙන්නේ EQ (Equalizer) කියන ඒවා. අර deck 4 ට අදාළව තමා EQ කොටස් 4ක් තියනවා.ඒවගෙන් Gain ඒක High ඒක mid ඒක low ඒක වගේම අදාළ deck එකේ volume එකත් ඕනේ විදියට වෙනස් කරන්න පුළුවන්.
  • එකට පහලින් තියන රතු පාට කොටුවේ තියන එකට කියන්නේ Cross-Fader කියලා .එකෙන් තමා deck වල play වෙන musics මාරු කිරීම වගේ දේවල් කරන්නේ.
  • ඊට යටින් තියන දම් පාට කොටුව ඇතුලේ තියෙන්නේ ගොණු Browser  සහ automix කරන පැනල ඒක ඒවාගැන විස්තර පස්සේ කියන්නම්කො.අපේ PC එකේ තියන mp3 files මේකෙන් තෝරාගන්න පුළුවන් ඒවා  drag කරලා deck වලට load කරන්නත් පුළුවන් මේකෙන්.


වින්ඩෝ එකේ නොම්බර දාපුව ගෙන ඊළගට බලමු.
(1) --මේකට කියන්නේ Rhythm වින්ඩෝව කියල එකෙන් sound එකේ තියන විස්ථාර වලට අදල ප්‍රස්ථාර      දර්ශනය වෙනවා.එකෙන් sound එකන් fade කරන්න ගොඩක් වැදගත් වෙනවා.
(2)--මේකෙන් හෙඩ්ෆෝන් එකේ volume ඒක control කරන්න පුළුවන් එටකොට cross-fader එකෙන් අනිත් පැත්තේ තියන sound ඒක අහන්න පුළුවන් ප්‍රධාන අව්ට් එකෙන් ඇහෙන්නේ නෙතිව.මේක තමා DJ කරද්දී තියන වැදගත්ම දෙය ඒක හින්ද තමය් මුලින්නම් කිව්වේ හෙඩ්ෆෝන් අව්ට් එකකුත් තිබ්බොත් හොදය් කියා.
(3)--මේකෙන් කරන්නේ mix volume ඒක balance කරන ඒක.
(4)--ප්‍රධාන volume ඒක පාලනය කිරීම.
(5)-- පරිගණකයේ තියන files brows  කිරීම.
(6)--සිංදු පිළිබධ විස්තර සහිත tgs .
(7)--තෝරාගත් folder ඒක තුල ඇති සිංදු ලිස්ට් ඒක.
(8)--ස්වයංක්‍රිය DJ කිරීමට පහසුකම් සලස්වන කොටස.(automix)
(9)--Virtual Turntable කියන්නේ මේකට මේක මොඋස් එකෙන් කරකවන්න,නවත්වන්නත් පුළුවන්.
(10)--සින්දුවේ තොරතුරු .
(11)--සින්දුවේ rhythm graph ඒක .
(12)--CAU s (මේවා පිළිබද වෙනම පැහැදිලි කරනවා)

පළමු පාඩම තුලින් කලේ මුලික හැදින්වෙමක් පමණි.පසුවට  මේවගෙන  වැඩිදුර සාකච්ඡා කෙරේ.නැවතත් හමුවෙමු...

1 comment :

  1. niyamayi saho
    digatama me paadam tika karanna.. mamath kemathiyi parana sindu 6'8 beat tikak mix karaganna.

    anw

    ReplyDelete