Friday, June 7, 2013

අලුත්ම Asus Transformer Book Trio ( ලැප්ටොප්=ඩෙස්ක්ටොප්=ටැබ්ලට් )

 Asus Transformer Book Trio කියන්නේ ලෝකෙ පළවෙනි දෙමුහුන් කොම්පියුටර් එකක්. හැබය් මේක ඕනනං ලැප්ටොප් එකක් විදියට හරි ඩෙස්ක්ටොප් එකක් විදියට , එහෙමත් නැතන් ටැබ්ලට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එකක්.මේක තමා වෙළදපොලට දාල නැ. මේ අව්රුද්දෙ අග market එකට එනව.

මේකෙ සාමාන්‍ය පෙනුම ලැප්ටොප් එකක් වගේ .නමුත් මේකෙ තිරය ගලවල අරගෙන අගල් 11.6 ක 2.0GHz වෙන ඉන්ටෙල් ඇටෝම් සහ android ජෙලි බින්  ටැබ්ලට් එකක් විදියට බාවිතා කරන්න පුළුවන්. ඒවගේම මේකෙ keyboard එකත් එක්ක සැට් කෙරුවහම ඉන්ටෙල් core i7 4 වන පරම්පරාවේ windows 8 ලැප්ටොප් එකක් වෙනවා.

 ටැබ් එකේ 64GB EMMC ඉඩක් සහ 19.5Whr බැටරියක්  තියනවා ලැප්ටොප් එකේ 1TB හාඩ් එකකුත් 33Whr බැටරියක් තියනවා. ඕනෙමනම් keybord එක තියන කොටස වෙනම මොනිටර් එකකට සෙට් කරලා මේස පරිගණකයක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. කොහොම උනත් මේක 1080p එකක්.මේකෙ ගනනම් ටිකක් වැඩි වෙඉ කියලා තමය් හිතන්නේ.

No comments :

Post a Comment