Sunday, June 9, 2013

Weekend Projects: LED නාම පුවරු සෑදීම.(1)..

අද කාලේ ගොඩක් ප්‍රසිද්ද දෙයක් තමා LED. මොකද ඒවාට විදුලිය බොහොම අඩු ප්‍රමාණයක් වැයවන නිසා. LED වලින් හදපු නාම පුවරු අද වනවිට සැම තැනකම වගේ දෙකගන්නත් පුළුවන්.බස් වල වෙළදසැල් වල උනත් මේවා තියනවා.හැබය් මේවගේ මිල ගැන අහපුවම ටිකක් බය වෙනවා.මොකද පොඩි අකුරු ගමන් කරන board එකකුත් පහළොස් දහසක් වත් අඩුම ගානේ වෙනවා.මෙය තමන්ට අමතර අදායම් මාර්ගයක් විදියට උනත් යොදාගන්න පුළුවං.


මෙම පුවරු සැදීමට මම හිතන විදියට පොඩි හරි ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක දැනුමක් වත් තිබිය යතු වෙනවා.නැත්තම් ටිකක් අමාරු වය් .නමුත් ඒවා උනත් ඉන්ටෙර්නෙට් වලින් ඕනෙමනම් ඉගෙනගන්නත් පුළුවන්.බොහෝ දෙනෙක් කරනවට වඩා අඩු මුදලකින් මෙවැනි පුවරුවක් සාදන ආකාර පිළිබද අප මෙහිදී කතා කිරීමට හිතන් ඉන්න්නවා.

මේකට මුලික වෙන්නේ LED බල්බ් .ඒවා ගොඩක් එකලග සෙට් කෙරුවහමතම පුවරුවක්  සැදෙන්නේ.ඔන්න ඔය විදියට ඕනෙතරම් දිගට, පළලට ලොකුවට මේවා හදන්න පුළුවන් ඊටපස්සේ ඔය හදපු එකේ තමා අවශ්‍ය ආකාරයට විවිධ රටාවට අවශ්‍ය දේ දක්වන්නේ.මේකෙ ඕනේ දේවල් දක්වන්න microcontroller  කියන IC  කොටසින්, එකට අපිට pic ,atmel ,8051 ,වගේ ගොඩක් දේවල් යොදා ගන්න පුළුවන්.අපිට තියෙන්නේ අවශ්‍ය තොරතුරු එම IC එකට දන්නා විතරය්. ගොඩක්ම ලේසි ක්‍රමය තමා arduino කියන නිදහස් දෘඩාංගය .මේකෙ තියෙන්නේ atmel කියන IC එක .එකන් අපට අවශ්‍ය LED board එක සම්බන්ධ කරන්න ඉතා පහසුය් මෙම පොස්ට් වලින් එකත් අවරණය කරන්න හිතන් ඉන්නවා.අනිත් වැදගත්ම දෙය තමා LED එක්ක IC එක සම්බන්ධ කරන shift register කියන කොටස.මේකෙත් පොඩි පරිපථයක් .
LED එකට සෙට් කරපු පොඩි කොටස් වෙළදපලේ තියනවා.එකට කියන්නේ LED Matrix කියලා
ඔය වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් මෙම කොටස් තියනවා.ඒවා  කැමති ප්‍රමාණයක් සෙට් කරලා board හදන්න පුළුවන්.ඔය කොටසක තියන අභ්‍යන්තර සැකසුම පහත ආකාරයි.
මේකට අවශ්‍ය shift register එකක් පහත දැක්වෙනවා.
මෙම shift register එකට අර arduino එකට සම්භන්ද කිරීම අවශ්‍ය වෙනවා.
\
ඊලග පොස්ට් එකේදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ arduino ගැන...දිගටම රැදී සිටින්න...

3 comments :

  1. godak watina post ekak.mama asawen balagena siti padamak oya nomilema kiyadenna hadanne.godak pin siddawena wedak.mamath electronic karapu kenek.namuth mata LED nama puwaru coss ekakata yanna vidiyak nehe prasna hethuwen.digatama post tika danna.mama balan innam.thankyou.

    ReplyDelete
  2. නියමයි යාලුවා මම හෙටදින බ්ලොග් එකේ කුමාර

    ReplyDelete
  3. යාළුවා මේ ලිපියේ ඉතුරු ටික නැද්ද?

    ReplyDelete