Monday, June 3, 2013

මොකක්ද මේ BeagleBone Black - බීගල් බෝන්

මේක මේ ඉතාම කුඩා කොම්පියුටර් එකක්.මේකත් ලිනක්ස් උඩ තමා දුවන්නේ. හරියම අර කලින් පොස්ට් එකක තිබුණ Raspeberry Pi වගේමය්. බීගල් බෝන් black කියන්නේ මේ අව්රුද්දෙ ආපු එකක්.
බීගල් බෝන් බ්ලැක් 
මේක කලින් ආපු ඒවාට වඩා ටිකක් ගණන් අඩුය් $45 වෙනවා..හැබය් Raspeberry එක $35 .මේකේ තියන විශේෂාංග ගැන කිව්වොත්

මේකෙ ප්‍රොසෙසරය 1Ghz AM335x ARM® Cortex-A8 වෙනවා.512MB වේගවත් ram එකක් තියනවා.ඒ වගේම මේකෙ ඉන් බිල්ඩ් 2Gb ධාරිතාවක් තියනවා. ඔනෙම නම් micro SD කාර්ඩ් එකක් ගහනත් පුළුවන්. තව දැයක් තමා බෝර්ඩ් එක දෙපැත්තේ තියන connectors 2ක , ඒවගෙන් පුළුවන් ගොඩක් ඉන් පුට් අඋට් පුට් දෙන්නත් පුළුවන්. තවත් එකෙන් Arduino shield එකක් සෙට් කරලා වැඩ කරන්නත් පුළුවන්.usb 2ක් තියනවා එකක් මේක developed කරන්න අනික ඉන්පුට් device සෙට් කරන්න.5v DC supply එකකකුත් ඕනේ කරනවා. 10/100 RJ-45 නෙට්වර්ක් එකකුත් තියනවා. මේකෙ තියන එකම audio video අඋට් එක තමා micro HDMI port එක.  

 මේක ඉලෙක්ට්‍රොනික වල වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙනවා Rasspeberry එකට වඩා මොකද Arduino එක්ක ලේසියෙන්ම සෙට් කරන්න පුළුවන්.එතකොට sensor වගේ දේවල් සෙට් කරලා ඉන්පුට් දෙන්න පුළුවං. මේකටත් raspeberry එකට  වගේම android ,උබුන්ටු ,XBMM වගේ ලිනක්ස් කර්නල් දුවන os දාන්න පුළුවන්.  

 මේකට ඇනලොග් ඉන්පුට් දෙන්න පුළුවන් වීම තමා වැදගත් ම දේ.
 කොහොමත් මේක අප්‍රලේ මාසේ තමා නිදහස් කෙරුවේ මම හිතන්නේ මේක තාමත් ලංකාවේ වැඩිය ප්‍රසිද්ධ නැ. කොහොම උනත් ලිනක්ස් එබ්බු පද්දති (Linux Embedded Systems) ගැන උනන්දුවක් දක්වන අයට නියමඊ. මේකෙන් කාර් එකකට හරියන්න ටච් ස්ක්‍රීන් එකක් තියන කොම්පියුටර් එකක් හදාගන්න හැටි කියන්න හිතන් ඉන්නවා. techin-focus එක්ක දිගටම රැදිලා ඉන්නකෝ..... 

2 comments :